බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන්ට එස්.ටී.එෆ් ආරක්ෂාව


( ජයන්ත සමරකෝන්) 

බූස්ස බන්ධනාගාරයේ  රඳවා සිටින  ප්‍රධාන  පෙලේ  පාතාල අපරාධකරුවන් ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  ඇතුළු විශේෂ   ගණයේ  සැකකරුවන්ගේ ආරක්ෂාව සඳහා  අද (25) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.


දැනට මෙම බන්ධනාගාරයේ විශේෂ ගනයේ රැඳවියන් 22 දෙදනකු රඳවා සිටිති.තවත් 100 කට අධික පිරිසක් එහි යැවීමට නියමිතව සිටින බවද එහි ප්‍රකාශකයෙන් ‘ලංකාදීපයට‘ ඊයේ ( 25) පැවසීය.

මෙහි විශේෂ ගණයේ අපරාධකරුවන් සඳහා ආරක්ෂිත සිර කුටි 46 ක්  සකස්කර ඇතැයිද එම ප්‍රකාශකයා කීවේය. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් බන්ධනාගාරය තුළට යන  අමුත්තන් හා රැඳවියන් පරීක්ෂා කිරීමටද නියමිතය.