බූස්ස බන්ධනාගාරයෙන් අදත් දුරකථනයක් - සිම් දෙකක් සොයාගනී


(ඩී.ජී.සුගතපාල)
 
බූස්ස බන්ධනාගාරයේ ආරක්ෂක රාජකාරිවල යෙදි සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් විශේෂ අංශයේ සිර කරුවන් රඳවා සිටින සිර මැදිරි සහ ඒ අවට කරන ලද සෝදිසි මෙහෙයුමකදී එම සිර මැදිරිවල අපද්‍රව්‍ය වැසිකිළි වලට ගලායන කාණු වල සඟවා තිබූ දුරකථනයක් බැටරි දෙකක් හා සිම් කාඩ්පත් දෙකක් අද (08) සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
 
මේ මස 01 දින සහ 05 වැනි දිනද බන්ධනාගාරයේ සිර මැදිරිවල තිබි ජංගම දුරකථන සිම් කාඩ්පත් සහ බැටරි කිහිපයක්ද සොයා ගෙන ඇත.
 
කෙසේ වෙතත් දැනට බූස්ස බන්ධනාගාරය තුළ ජංගම දුරකථන සංඥා අක්‍රීය කිරීමේ උපකරණද සවිකර ඇත.