බුරුත කොටෙන් රියැදුරා රිමාන්ඞ්
බුරුත කොට තොගයක් ගලේවෙල සිට මුතූර් දක්වා ප‍්‍රවාහනය කිරීමට ගල්ලේවල ප‍්‍රදේශීය ලේකම්ගෙන් නිර්දේශ ලබා දීම සඳහා රුපියල් 12500 ක අල්ලසක් ලබාගත් බව කියන ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම්ගේ නිල රියැදුරා ලබන 31 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා (19) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කෙරුණේ ගලේවෙල ගාමිණී වනසිංහයි.
කැටවල අබ්දුල් අසිම් අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලක් අනුව වැටලීම සිදුවිය.

