බුදුන් ගැන පැරැණි මතයක් බිඳ වැටේ
නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ පනස්පූර් ග්‍රාමයේ කැනීම්වලින් නවවැනි සියවසේ බෞද්ධ ආරාමයක නටඹුන් හා ඉපැරැණි බුදු පිළිම සෙයාගත් බව ඔරිස්සා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. භුමි ස්පර්හ ධර්ම චක්‍රපවර්තන බුදු පිළිම (හිස නැති) කොන්ඩොලයිට් පාෂාණයෙන් නෙළූ පද්මපානි බෝසත් ප්‍රතිමා ද ඒ අතර විය. බුදුන් වහන්සේ වසර 2500කට පෙර ඔරිස්සා ප්‍රාන්තයට වැඩම කළ බවට සාධක ඇතැයි පුරාවිද්‍යාඥයෝ කියති. බුදුන් ඔරිස්සාවට නොවැඩි බවට පැවැති මතය මේ සාධකවලින් බිඳවැටෙතියි පුරාවිද්‍යඥයෝ කියති.

