( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ , පැහැර ගෙන මරා දැමූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පවසමින් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කල මූලික විරෝධතා පිළිගනිමින් අධිකරණය මෙම පෙත්සම් ඉවත දැමීමට නියම කළේය.
මෙම පෙත්සම සිසිර ආබෲ,ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සළකා බැලිණි.
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු වූ මේජර් එරන්ත පීරිස්, සහ කොප්‍රල් එස්. කේ.උලුගෙදර නැමැත්තන් විසින් ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,එහි අධ්‍යක්ෂවරයා, එහි නියෝජ්‍ය පොලිස්පති වරයා, පොලිස්පතිවරයා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

