බුද්ධ ශාසන උප ඇමැතිට දින හතක් කල් දෙයි


මහා සංඝරත්නයට අපහාසාත්මකව කතා කිරීම පිළිබඳව දින හතක් ඇතුළත ප්‍රසිද්ධියේ සමාග ගත යුතු යැයි සඳහන් ලිපියක් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ත්‍රෛනියාකියක භික්ෂු බල මණ්ඩලය ජනාධිපතිට ද පිටපත් සහිතව බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති එම් කේ ඒඩී එස් ගුණවර්ධන මහතා වෙත යවා තිබේ.

භික්ෂු බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී අග්බෝපුර විමලඥාණ නාහිමියන්ගේ අත්සනින් යුතුව ලිපිය යවා ඇත.

‘පොලිස් නිලධාරීන් සිවුරට යටත් නොවී කටයුතු කරන ලෙස ජනවාරි 31 වැනි දා අග්බෝපුර නව පොලිස් ස්ථානය විවෘත කළ දින කළ කතාවෙන් සංඝරත්නයට අපහාස කර ඇතැයි ඒ හිමියෝ කියති.