බුද්ධ ධර්මය විකෘති කිරීම වළක්වාලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විග‍්‍රහයක් ඉල්ලයි


(ඩයනා උදයංගනී)
          
 බුදුරජාණන් වහන්සේට නිගා කිරීම, බුද්ධ ධර්මය විකෘති කිරීම හා පිළිගත් බෞද්ධ සංස්කෘතික සම්ප‍්‍රදායන් අවමානයට ලක්කිරීම ආදිය වළක්වාලීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විග‍්‍රහයක් ලබාගෙන එය බලාත්මක කිරීමට පියවර ගන්නැයි ඉල්ලා බුද්ධශාසන කාර්ය මණ්ඩලය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර තිබේ.

            එහි සමලේකම්වරුන් වන තිරිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහ නා හිමියන්ගේ සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යොමු කර ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.