බීමතින් සිටි ලංගම රියදුරුගේ සේවය අත්හිටුවන්න ඇමැති උපදෙස්


(මහින්ද නිශ්ශංක)
 
බීමතින් බස් රථයක් ධාවනය කළ යාපනය ශ්‍රී ලංගම ඩිපෝවේ රියැදුරුගේ සේවය වහා අත්හිටුවීමට කටයුතු කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතාට අද(31) උපදෙස් දුන්නේය.
 
යාපනය සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය කළ මෙම බස්රථයේ රියදුරු ඊයේ(30) රාත්‍රියේ යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔහුගේ ගමන්මල්ලේ තිබී අරක්කු සහ බියර් බෝතල්ද පොලිසිය සොයාගෙන ඇත.