බීච් බෝයි තර්ජනය බරපතලයි


කල්පිටිය, පුත්තලම, ගම්පහ, කළුතර හා ගාල්ල ,  බිච්බෝයි නමින් මුදලට අසම්මත ක්‍රියාවන්  සඳහා ඉඩදෙන පිරිමින්  ලෙස හැඳින්වෙන   තිස් දහසක්  පමණ  ඒඩ්ස් රෝග වාහකයන් වීමේ  තර්ජනයක් ඇතැයි මීගමු මහා රෝහලේ ලිංගාශ්‍රිත රෝග විශේෂඥ  දොස්තර මහේෂ් රත්නායක  පුත්තලම් දිසාවේ  රාජ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවැසීය. වෙරළ ආශ්‍රිත මත්කුඩු කාරයෝ  හතලිස්දහසක් සිටින බව ද  අසම්මත ලිංගික ක්‍රියාවන්හි යෙදෙන  පිරමින් නිසා ඔවුන්ගේ බිරියට හා දු දරුවන්ට ද  බෝවීමේ බර පතල අවදානමක් ඇතැයි ද  ඔහු අනතුරු ඇඟවිය.