බිළිඳා පනස් දහසකට විකුණන්න ගිහින්
දින හයක් වයසැති දරුවකු විකිණීමට උත්සාහගත් බව කියන මවුපිය යුවළක් හා තැරැව්කරුවෙක් පුත්තලම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. තම තුන්වැනි දරුවා විකුණා රුපියල් පනස්දාහක් ඉල්ලූ නමුත් සන්තෝසමක් ලෙස ලැබුණේ රුපියල් පන්දාහක් බවත් එම යුවළ පොලිසියට කියා ඇත.

