බිලි පූජාවට එරෙහි මෝසම විසි වෙයි
මුන්නේශ්වරම ශ්‍රී භද්‍ර කාලි අම්මාන් දේවාලයේ සත්ව බිලි පූජා පැවැත්වීමට එරෙහිව විරෝධතා පැවැත්වීම තහනම් කරමින් පනවා තිබූ වාරණය අවලංගු කරන ලෙස ඉදිරිපත් කර තිබූ මෝසම හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ජගත් ඒ. කහඳගම මහතා විසින් විභාගයට නොගෙනම ඉවත දැමිණි.
සත්ව සුබ සාධන භාරය නීතිඥ නිහාල් සුමනධීර මහතා මගින් මෝසම ඉදිරිපත් කළේය.

