බිලි පූජාව ධාතු ප්‍රදර්ශනයෙන් පසු


හලාවත මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ සත්ව බිලි පූජාව සැපැතැම්බර් 16 වැනිදාට පසුව පවත්වන බව එහි පූජකවරු පවසති. කපිලවස්තු ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනය අවසන් වනතුරු බිලිපූජා නොපවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට අනුව බිලි පූජාව සෙනසුරාදා නොපැවැත්වීමට ප්‍රධාන පූජකවරයා එකඟ විය. මේ දිනවලද බාරවලට ගෙන එන එළුවන් බාරගැනිමේ වරදක් නැතැයි පූජකවරු කියති.ඒ අනුව බිලිපූජාවට ගෙන එන සත්තුන් බාර ගැනෙති. වරකට එළුවන් 200කගේ පමණ බෙලි කපා බිලි පූජාව සිදුකැරේ.