බිල්ගේට්ස් දුප්පතාගේ පැත්ත බලයි


උතූරු අප‍්‍රිකාවේ හා උතූරු ආසියාවේ වැසිකිලි පහසුකමි නොමැති කෝටි 260ක් වන  අන්ත අසරණ මිනිසුන්ගේ වැසිකිලි පහසුකමි විසැඳීම සදහා ඇමරිකාවේ සුප‍්‍රකට කෝටිපති ව්‍යාපාරික මික්‍රෝසොෆ්ටි පරිගනක ජාලයේ හිමිකරු බිල් ගෙටිස් ඉදිරිපත්ව සිටී. බිල් ගෙටිස් හා ඔහුගේ බිරිද වන මෙලින්ඩා ප‍්‍රධානත්වය දරන බිල් හා මොලින්ඩා ගේට්ස් පදනම  ඇමරිකාවේ කැලිපෝර්නියා තාක්ෂණ ආයතනයට ලබා දුන් ඩොලර් දස කෝටියකින් (රුපියල් කෝටි 1340) ඔවුන් මේ සදහා නව වැසිකිලි ක‍්‍රමයක් හඳුන්වා දුන්නේය. මේ වැසිකිලි සදහා හිරු ඵළියෙන් වීදුලිය ලබා ගන්නා අතර ඵමගින් කැසිකිළි කටයුතූ වෙනුවෙන් යොදාන්නා වතූර නැවත පිරිසිදු කෙරේ. මළපහ, වැසිකිලියේ වෙනත් ස්ථානයකට ඵකතූ වීමෙන් ගැස් නිපදවා ගැනිමට හැකි බව කැලිෆෝනියා කර්මික වීද්‍යාල ඉජිනේරුවෝ කියති. උතූරු අප‍්‍රිකාවේ හා උතූරු ආසියාවේ වැසිකිලි නොමැති කමින් ඵ් ආශ‍්‍රිතව වැළදෙන රොගාබාද හෙතුවෙන් වසරකට මිනිසුන් දස ලක්ෂයකට වැඩි පිරිසක් මියයන බවත් ඵයින් හරි අඩක් අවුරුදු පහට අඩු දරුවන් බවත් බිල්ගේට්ස් කියයි.