අධිකරණ නියෝග මත බිරියට ගෙවිමට තිබු රුපියල් 17,70,000 නඩත්තු හිඟ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරඳකරු වු පුද්ගලයෙකුට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය මාස 32 ක සිර දඩුවම් නියම කළාය.
කොළඹ හය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වු ආර් සිරිසේන ඔහුය.
මසකට රුපියල් 55000 ක නඩත්තු මුදල ගෙවන ලෙස මහෙස්ත්‍රාත් අධීකරණයෙන් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කර අභියාචනාධිකරණයේ ගොනු කැර තිබු පෙත්සමක් සැළැකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.