බිරියගේ ඝාතනයට සැමියා සැකපිට


මහවිලච්චිය, කරඹගොල්ලෑවේ කාන්තාවගේ ඝාතකයා සොයාගැනීමට බ්ලැකී නම් පොලිස් නිල සුනඛයා යොදාගත් බවත් එමගින් සැඟවී සිටි ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලීසිය පවසයි. වසර දෙකකට වැඩි කාලයක් වෙන්ව ජීවත් වූ සිය බිරිඳගේ ගෙල සිරකොට වස පොවා ඝාතනය සිදුකැර ඇතැයි පොලීසිය කියයි.