බිරියගේ අතපය බැද මුහුණට ගිනි තැබූ සැමියා අල්ලයි


(රේඛා තරංගනී ෆොන්සේකා)

අයිස් ගැසීමට මුදල් ලබා නොදුන්නේ දරුවාගෙනැප්කිනයකින් බිරිඳගේ අත පය බැඳ  ඇගේ මුහුණ ගිනි තැබූ බව කියන ඇගේ සැමියකු  අද අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලිසිය පවසයි.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මුහුණ සහ අත් දෙක දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලැබූ බිරිය පානදුර මූලික රෝහට  ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරින් කටයුතු කර ඇති බව පොලිසිය කියයි. 

සැකකරු අයිස් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයකු බව සඳහන් කරන පොලිසිය ඔහු නිතරම පවුලේ ආරවුල් ඇති කරගෙන ඇති බවද  පවසයි

මෙම ගිනි තැබීම සිදු වූ අවස්ථාවේ මාස හතරක බිළිදා ද බිරිඳගේ උකුල මත සිට ඇති අතර දරුවා බේරා ගැනීම සඳහා ඇදෙන් පැන ඇති අතර  ඒ හේතුවෙන් බිළිඳා බේරී ඇති බව පොලිසිය පවසයි.