බිබිලේ වප් මඟුල පෙර සිරිතට By None // 2012 ඔක් 28 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඌව වෙල්ලස්සේ මහ කන්නයේ සී සෑමේ වප්මගුල් උත්සවය ජාතික යොවුන් පෙරමුණේ සභාපති, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බිබිල මොරොත්තමුල්ල වෙල්යායේදී අද (28) පෙරවරුවේ පෙර සිරිතට පැවැත්විණි. ජාතික යොවුන් පෙරමුණ මෙම වප්මගුල් උත්සවය සංවිධානය කෙළේය. ජාතික යොවුන් පෙරමුණේ මොනරාගල දිස්ත‍්‍රික් සම්බන්ධිකාරක හා ජාතික ගොවි කමිටු ලේකම් පුන්සඳ මහකුඹුර මහතා ප‍්‍රධාන ආරාධිතයන් වූ ජාතික යොවුන් පෙරමුණු සභාපති හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා පිළිගනු ලැබීය. ප‍්‍රධාන ආරාධිතයා වූයේ ඔහුය. නාගල කොකුන්නෑව පුරාණ විහාරාධිකාරී වේරගොඩ සාරානන්ද හිමියෝ පිරිස පංචශීලයේ පිහිටුවා අනුශාසනාවක් පැවැත්වීමෙන් උත්සවයේ කටයුතු ඇරඹිණි. එච්.එම්. ජයසිංහ කපු මහතා, වෙල්යායේ පහන් දල්වා දේව යාතිකා පවත්වා පුද පූජා තැබීමෙන් පසු රුවන් විජයවර්ධන මහතා පෙරටුකරගත් ගොවීන් සී සෑම සඳහා කුඹුරට බසිනු ලැබීය. හරක් බාන් තිහක් පමණ සී සෑමේ යෙදවුනු අතර රුවන් විජයවර්ධන මහතා පැය බාගයකට වඩා වැඩි වේලාවක් සී සෑවේය. සී සෑම හමාර කළ ගොවීහු ගොඩට පැමිණීමත් සමග ගමේ තරුණියෝ නියර දිගේ ඇඹුල රැගෙන ආහ. ජාතික යොවුන් පෙරමුණේ ලේකම් බුද්ධික එදිරිසිංහ, උප සභාපති ප‍්‍රසාද් හෙට්ටිආරච්චි රිදීමාලියද්ද ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂනායක උපාලි සේනාරත්න මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. ප‍්‍රදේශයේ තරුණ සමිති ගොවි සමිති නියෝජිතයන් මෙන්ම ගොවීහු විශාල පිරිසක්ද එක්ව සිටි අතර රැස්ව සිටි ගොවි ජනතාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා මෙසේ කීය. වත්මන් ආණ්ඩුව ගොවිජනතාව අමතක කර තිබුණත් ඉදිරියේදී එන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ගොවි ජනතාවට යළි ඞී.ඇස්. සේනානායක යුගයක් උදාකරනවා. ඉදිරි වසරේදී ජාතික යොවුන් පෙරමුණ හරහා රටේ තරුණ තරුණියන්ට ලොකු බලයක් ලබාදීම සඳහා රටපුරා වැඩසටහන් සංවිධානය කිරීමට නියමිතයි. එදා ඞී.ඇස්. සේනානායක මහතා රටපුරා ගොවිජනපද ආරම්භ කරමින් කළ සේවය අද ආණ්ඩුවට අමතක වී තිබීම කනගාටුවට කරුණක් වුවත් එතුමාගේ සංකල්පය අදටත් මේ රටේ ක‍්‍රියාත්මක වෙන බවද ඒ මහතා කීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත