(ප්‍රසන්න පත්මසිරි)
බිබිල මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ලේ, දැඩි සත්කාර ඒකකයක් ආරම්භ කිරීම සඳහා ගෙනා කෝටි ගණනක වෛද්‍ය උපකරණ වසර 10ක් තිස්සේ රෝහලේ ගබඩා කාමරයක තබා ඇති බව වෛද්‍ය අධිකාරී හර්ෂ දසනායක මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය 2010 වසරේදි මෙම නව වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල ඉදි කළ බවද එම වෛද්‍ය උපකරණවල ගුණාත්මක භාවය තහවුරු කරන සහතිකද කල් ඉකුත්ව ඇති බව වෛද්‍යවරයා පැවසීය.
දිනකට බාහිර රෝගීන් දහසකට අධික පිරිසක් පැමිණෙන අතර නේවාසිකව රෝගීන් 150ක් පමණ දෙනා ප්‍රතිකාර ගන්නා බව ද, දැඩි සත්කාර ඒකකයක් නොමැති වීම හේතුවෙන් රෝගීන් බදුල්ල, සිරිගල සහ මහියංගන රෝහල්වලට නිතර මාරු කර යැවීමට සිදුව ඇතැයිද ඔහු කීය.
මූලික රෝහලට වෛද්‍යවරුන් 45 දෙනෙකු අත්‍යවශ වුවත් දැනට සේවයේ යෙදී සිටින්නේ 33දෙනෙකු බවද, එයිනුත් වෛද්‍යවරියන් සිව්දෙනෙකු ළගදීම ප්‍රසූති නිවාඩු යෑමටත් තවත් වෛද්‍යවරු12 දෙනෙකු ස්ථාන මාරුවීමී ලැබීමටත් නියමිත බවද ඔහු පැවසීය. මේ හේතුවෙන් ලබන පෙබරවාරි මාසය වන විට වෛද්‍යවරුන්ගේ හිඟය නිසා රෝහලවැසීයාමට ඉඩ ඇති බව වෛද්‍යවරයා පැවසීය
රෝහලට සීමා මාසික වෛද්‍යවරුන් 15දෙනෙකු ලැබුණොත් ප්‍රදේශයේ ජනතාවට යම් ප්‍රමාණයකින් හෝ ප්‍රතිකාර කිරීමට හැකි බවද, අඩුපාඩු මධ්‍යයේ වුවද ජනතාවට උපරිම සේවය කරන බවද වෛද්‍ය හර්ෂ දසනායක මහතා පැවසීය.






