බිබිල ජලයේ පාචනය
බඩ යාමට හා වමනයට ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණි ළමුන්ට පාචනය වැළඳී ඇතැයි බිබිල රෝහල් බලධාරීන් පවසයි. ළමුන් 200 ට වැඩි පිරිසක් ප්‍රතිකාර රැගෙන පිටව ගොස් ඇති අතර ළමයි 20 ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. නගරයට ජලය සැපයෙන දොරපොත කන්දේ ජලමූලාශ්‍රයකින් පාචනය පැතිරෙන්නට ඇතැයි ද සෞඛ්‍ය අංශ සැක කරයි. පොලීසියත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් අද පාචනය ගැන ජනතාව දැන්ම්වත් කළහ.

