
(යොහාන් භාසුර)
ඕස්ටේ්‍රලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ආබාධයකට ලක්වූ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු කැඳවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) තාක්‍ෂණික කමිටුවේ ඇනුමැතිය හිමිව තිබේ.
එම අනුමැතියත් සමඟ දකුණතින් වේග පන්දු යවන අසිත ප්‍රනාන්දුට ඉදිරියේදී ශ්‍රී ලංකා සංචිතයට නිල වශයෙන් ඇතුළත් වීමේ අවස්ථාව හිමිවේ.

