හිටපු ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට අද (18) සිට තුන් මාසයක නිවාඩු ඉල්ලා සිටි අවස්ථාවේ අනුර කුමාර දිසානායක (ජවිපෙ ) මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ ඔහු නිවාඩු ඉල්ලා ඇත්තේ කවර හේතුවක් නිසාද යනුවෙනි. කතානායක චමල් රාජපක්ෂ මහතා එවිට කියා සිටියේ ‘ඔව් ඔව් හේතුවත් කීව්වානම් තමයි හොඳ‘ යනුවෙනි
විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා
බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට අද (18) සිට තුන් මාසයක් නිවාඩු අනුමත කරන ලෙස ඉල්ලා සිටිමි.
අනුර කුමාර දිසානායක මහතා (ජවිපෙ)
මන්ත්‍රීතුමාට නිවාඩු අවශ්‍ය හේතුව කියන්න බැරිද? එතුමා ගියේ බෙහෙත් ගන්නද ? වැඩි දුර අධ්‍යාපනයටද?
කථානායක චමල් රාජපක්ෂ මහතා
ඔව් ඔව් හේතුවත් කිව්වනම් හොදයි
විපක්ෂ නායක
එතුමා මගෙන් ඉල්ලීමක් කළා. සාමාන්‍යයෙන් නිවාඩු යෝජනා ඉදිරිපත් වු විට කවුරුවත් විරුද්ධ වන්නේ නෑනේ.
යෝජනාව අනුමත විය.

