බැලූ බැල්මට


  • මොරටුව ලුනාවේ දී පාර මාරුවීමට ගිය කාන්තාවකට ඉඩ දී නැවතූ යතුරුපැදියක් බසයක ගැටී විසි වී ගොස් එම කාන්තාව යතුරුපැදියට යටවී කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියාය.  
  • ගාල්ලේ පනංගල එප්පල දී වල්ලපට්ට කිලෝ දෙකයි ග්‍රෑම් 770ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
  • නානුඔය රදැල්ලේ දී වෑන් රථයක් මහ මග පෙරලීමෙන් කාන්තාවන් දෙදෙනකු හා  පිරිමි ළමයකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිසිය කියයි.
  • බොරැල්ල සිරිසර උයනේ දී හෙරොයින් ග්‍රෑම් 46ක් හා මිලි ග්‍රෑම් 710ක් සමග 57 හැවිරිදි කතක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.    
  • බූස්ස දුම්රිය නැවතුම අසළ දී රුහුණු කුමාරි දුම්රියේ හැපී පුද්ගලයකු මියගිය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.