- කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපිට දී සිරුරට ගිනි ඇවිළුණු හිටපු හමුදා සැරයන් මියගිය බව ජාතික රෝහල කියයි. ශ්‍රී ලංකාවට එරෙහිව පවත්වන යුද අපරාධ පරික්ෂණවලට විරුද්ධව ඔහු සිරුරට ගිනි තබාගන්නට ඇතැයි පොලිසිය කියයි.
- ශ්‍රී ලංකා මුහුදු සිමාව උල්ලංඝනය කරමින් කච්චතිව් දූපත අසළ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් හය දෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුට ගෙන කයිට්ස් පොලිස් ස්ථානයට භාරදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
- ගිරිඋල්ල පොලිසිය අසළ කහ ඉර මත දී යතුරුපැදියක ගැටුණු පොලිස් කොස්තාපල්වරයෙක් මියගියේය.
- හෙරොයින් ග්‍රෑම් 10ක් සමග ගාල්ල පියදිගම දී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
- වැල්ලවත්තේ වෙළඳ සැළකට අගරු චෙක්පත් ලබාදී රුපියල් 480,000ක් වංචා කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

