බැලූ බැල්මට


  • ත්‍රී රෝද රියකින් ගිය ජපන් කතකගේ යෙන් 110000 (රුපියල් 137,500.00) ක් හා රුපියල් 4000ක් කොල්ලකා ඇත
  • හයිලෙවල් පාරේ දික්හැතැම්මේ දී ලංගම බසයක් වෑන් රියක් හා ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් අයකු රෝහල් ගත කරනු ලැබූහ.
  • පලෙයි තම්බකාම්හි ගෙදරක ආරවුලක දී පිහි පහරකින් තරුණයකු මියගිය බව පොලිසිය කියයි.
  • වෙල්ලාවලියේ අනතුරකින් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
  • ත්‍රිකුණාමල කුච්චවේලි දී පාපැදියක් තල්ලුකරගෙන ගිය ගැමියකු යතුරුපැදියක ගැටීමෙන් මියගිය බව පොලීසිය කියයි.
  • බණ්ඩාරවෙල නවාතැන් පොළක ගැටුමක් බේරිමට මැදහත් වූ පුද්ගලයකු පොලු පහරකින් මියගිය බව පොලීසිය පවසයි.