- හික්කඩුව මුහුදේ දිය නාමින් සිටි ජර්මන් ජාතිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 74 හැවිරිදි ඔහු මෙරට කාන්තාවක් හා විවාහ වී කළක සිට ශ්‍රී ලංකාවේ වාසය කරන්නෙකි.
- මිනුවන්ගොඩ ජාපාල වත්තේ නාදුනන තරුණයකුගේ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි. ඔහු මරා දමා ඇති බවට තොරතුරු ඇතැයි ද දැනගන්නට තිබේ
-
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා ගංජා කිලෝ නමයක් සමග පුද්ගයන් දෙදෙනකු ලුනුගම්වෙහෙරේදී ද බෙහෙත් කොටන තුවක්කු දෙකක් සහ පුද්ගලයන් දෙදෙනකු ගාමිණී පුරදී ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
-
පදියතලාවේ මාදුරුඔය ජලාශයේ මාළු ඇල්ලිමට ගිය ධීවරයන් පිරිසකට වල් අලියකු පහරදී එක් පුද්ගලයකු මියගොස් දෙදෙනෙක් තුවාල ලැබ සිටිති.

