බැලූ බැල්මට


  • බියගම කැලණි ග‍ඟේ තිබි නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි.
  • මාතර දුම්රිය ස්ථානය අසළ දී හෙරොයින් කුඩු ග්‍රෑම් 10ක් හා මිලි ග්‍රෑම් 70ක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
  • ආයිත්තමලේ උන්නච්චියේ දී කොටන තුවක්කුවක් සමග සැකපිට පුද්ගලයෙක් අත් අඩංගුවට ගනු ලැබීය.
  • එප්පාවල තරුණයකු කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි.
  • පහරදීමකට ලක්වූ 60 හැවිරිදි පුද්ගලයකු දෙබරවැව රෝහලට ඇතුලත් කිරීමට ගෙනයමින් සිටිය දී මියගිය බව පොලීසිය කියයි.