- ගාල්ලේ ප්‍රධාන පෙළේ විදුහලක නේවාසිකාගාරයක සිසුහු 14 දෙනෙක් අද උදේ ආහාරයෙන් පසු කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබූහ.
- පාසල් පරිපාලනයට විරෝධය පා අම්පාර වඩිනාගල මහා විද්‍යාලයයේ ගුරුවරුන් 16 දෙනා ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කර නැතැයි අධ්‍යාපන ආරංචි කියයි.
- වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වවුල්අඹේ අක්කර එක හමාරක කංසා හේනක් වැටලූ බව මාතලේ දිසා දූෂණ මර්දන ඒකකය කියයි.
- ගනුදෙනුකරුවන්ගේ රුපියල් පනස් ලක්ෂයක් පමණ වංචා කළැයි මිනුවන්ගොඩ පෞද්ගලික බැංකු ශාඛාවක නිලධරයකුගේ වැඩ තහනම් කළ බව එම බැංකුව කියයි.
-
පිළියන්දල දෙදරු පියකු වන බස් කොන්දොස්තරවරයකුගේ මළ සිරුරක් පුරන් කුඹරකින් සොයා ගත් බව පොලිසිය කියයි.

