බැඳුම්කරයෙන් අර්ථ සාධක අරමුදල පාඩු ලබයි


(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

බැඳුම්කර වෙන්දේසිවලින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වැඩිම ලාභ උපයාගනිද්දී සේවක අර්ථ සාධක අරමුදල පාඩු ලබා ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක තාක්‍ෂණ අධක්‍ෂක වසන්තද අල්විස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් සිටියදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඒ බව කොමිසමට දැනුම් දුන්නේය.

බැඳුම්කර වෙන්දේසිවලින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වැඩිම ලාභ උපයාගනිද්දී සුළු ලාභයක් පෑන් ඒෂියා බැංකුව උපයාගෙන ඇති බවද මිලින්ද ගුණතිලක මහතා කොමිසම හමුවේ  පෙන්වා  දුන්නේය.

මෙම කොමිසම ස්ථාපනය කිරීමට හේතු වු 2015 පෙබරවාරී මස 27 වැනිදා බැඳුම්කර ගනුදෙනුවලට අදාළව ලංසු ඉදිරිපත් කිරීම්වල පරිගණක ගොනු පහක්ද ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක තාක්‍ෂණ අධක්‍ෂක වසන්තද අල්විස් මහතා බැදුම්කර කොමිසමට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක තාක්‍ෂණ අධක්‍ෂක වසන්තද අල්විස් මහතා දිවුරුම් ප‍්‍රකාශයක් මඟින් මෙම බැදුම්කර ගනුදෙනුවලට අදාළ වැඩිදුර තොරතුරු කොමිසමට ඉදිරිපත් කළේය.