බැඳුම්කර වෙන්දේසි ක්‍රමය ඉවත දැන්මේ තනි කැමැත්තට - මහේන්ද්‍රන්


මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ  
 
බැඳුම්කර වෙන්දේසි ක්‍රමය ඉවත දමා සෘජු ස්ථාන ගත ක්‍රමය අනුව භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ආරම්භ කළේ තමාගේ තනි තීරණයකට අනුව බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (06) පිළිගත්තේය.
 
කොමිසමට සහය වන වැඩබලන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මියගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඒ බව පිළිගත්තේය.
 
ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය - මහ බැංකුවේ මුල්‍ය මණඩලය විසින් සෘජු ස්ථානගත කීරීමේ ක්‍රමවේදය නතර කරන්න කිසිදු තීරණයක් ගත්තේ නැහැ නේද?
 
පිළිතුර - නැහැ.
 
ප්‍රශ්නය -  බැඳුම්කර වෙන්දේසි ක්‍රමය ඉවත දමා සෘජු ස්ථාන ගත ක්‍රමය අනුව භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ආරම්භ කළේ තමාගේ තනි තීරණයකට අනුව නේද?
 
පිළිතුර -  ඔව්. එය මා පිළිගන්නවා.