බැඳුම්කර කොමිසම ඇලෝසියස් සොයා නිවසට යයි


(මනෝප්‍රිය ගුණසේකර)

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ නිවසට ගිය බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන් සිය බැංකු ගිණුම් වාර්තාද රැගෙන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුගේ බිරිඳට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

ඇලෝසියස් මහතා නිවසේ නොමැති බව බිරිඳ විසින් ඔවුන්ට දැනුම්දීම නිසා අදාළ පණිවිඩය බිරිඳට දැනුම් දී ඇතැයි කොමිසම පවසයි.