බැන්දෙ අලියාට වැදුනේ ගෙහිමියාට


වල් අලියකු මැරීමට බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් එම තුවක්කුව මෑනූ තරුණයා ගල්ගමුව නාහෙට්ටිකුලමේ දී  මැරුණු බව පොලිසිය කියයි. එදින අලියන් ගෙවත්තට නොපැමිණි අතර තුවක්කුවේ මරුවැල ඉවත්  කිරීමට ගෙහිමියාට අමතක වී ඇත. 50 ක 60ක අලිරංචුවක් ද තනි අලියෙක් ද මේ පළාතේ ගෙවතුවලට පැන ගෙවල් ද කඩා ඇතැයි ගැමියෝ කියති.