බැටික්ලෝ කැම්පස් විමර්ශන යළි අරඹන්නැයි රතන හිමියෝ ඉල්ලති


(ළහිරු හර්ෂණ)  

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (18) පැමිණියහ.

බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු විමසා බැලීමට සහ අදාළ කටයුතු විධිමත් අයුරින් යළි ක්‍රියාත්මක කරන්නැයි එහිදී රතන හිමියෝ එම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.