බැට් නොකළත් සංගාට ලොකු දිනුමක්


එංගලන්තයේ ග්‍රෝනර් හවුස් හෝටලයේ පැවති පස්වැනි  ආසියා සම්මාන උළෙලේ ක්‍රීඩාව වෙනුවෙන් සාර්ථකත්වයේ ඇගයීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර පාත්‍රවිය.

මුත්තයියා මුරලිදරන් 2011 දී මේ සම්මානය දිනා ගත් අතර එය හිමිකරගත් දෙවැනි ලාංකිකයා සංගක්කාරයි.

එංගලන්තයේ ‘ඒෂියන් යූකේ‘ නමැති ඉන්දියා සඟරාව වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වයි.

ආසියා කලාපයේ ක්ෂේත්‍ර කිහිපයක් යටතේ විශිෂ්ටයෝ කිහිපදෙනෙක් ඇගයුමට ලක්වූහ.

සිනමාව - ශාරුක් ඛාන්

විද්‍යාව හා තාක්ෂණය - ශ්‍රීමත් ටෙජින්ජර් සිං වීර්දි

රූපවාහිනිය - සංජීව් බෂ්කර්

ව්‍යාපාර - හින්දුජා සහෝදරයෝ

සංගීතය - සයන් මලික්

ව්‍යවසායකත්වය - ගෝපි ගෝපලක්‍රිෂ්ණන්

විශේෂ ඇගයීම - ආචාර්ය අමර් බොස්

web

   sports-e1429315838294 srk-e1429316192439 TV-award-Sanjeeve-e1429315931529 zaynwinning-e1429316062314

ඡායාරූප - ඒෂියන්ස් යූකේ වෙබ් අඩවිය අනුග්‍රහයෙනි