බැඞ්මින්ටන් විනිසුරු රෝහණට අන්තර්ජාතික කමිටුවට උසස්වීමක්
ප‍්‍රවීණ බැඞ්මින්ටන් විනිසුරුවරයකු වන රෝහණ ද සිල්වා මහතා ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ විනිසුරු කමිටුවට සුදුසුකම් ලබා සිටියි.
පසුගියදා චීනයේ පැවැති ජාත්‍යන්තර බැඞ්මින්ටන් විනිසුරුවරුන් තෝරා ගැනීමේ ප‍්‍රායෝගික පරීක්‍ෂණයට ඉදිරිපත් රෝහණ මහතා එහිදී ජාත්‍යන්තර විනිසුරුවරයකු ලෙස උසස්වීම් ලැබීය.රෝහණ මහතා ජාත්‍යන්තර බැඞ්මින්ටන් විනිසුරුවරුන් ශ්‍රේණිගත කිරීමේ ඉහළම ශ්‍රේණියට උසස්වීම් ලැබු පළමු ශ්‍රී ලංකා විනිසුරුවරයා ද වේ.
ඒ අනුව ඔහුට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ඇතුළු අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිවල දී විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමිවේ. 2008 වසරේ බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පැති රේඛා විනිසුරුවරයකු ලෙසද කටයුතු කළ රෝහණ මහතා ලෝක ශූරතා බැඞ්මින්ටන් තරගාවලි දෙකක් ඇතුළු ජාත්‍යන්තර තරග කිහිපයකම විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිබේ.
වසර 17 ක් පුරා බැඞ්මින්ටන් විනිසුරුවරයකු ලෙස සේවය කරන මොහු බැඞ්මින්ටන් පුහුණුකරුවකු ද වේ. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ ලේකම්ධුරයේ ද සිටි රෝහණ මහතා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සහකාර ලේකම්වරයකු ලෙස ද කටයුතු කරයි.

