බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක ලොව අංක 8 ක‍්‍රීඩකයා පරාජය කරයි


එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහ ජපානයේ කිනිචි ටැගෝ අතර දැන් පැවැති පිරිමි කේවළ ඉසව්වේ තරගයෙන් නිලූක 21/18, 21/16  ක් ලෙස ජය ගත්තේය. ජපානයේ කිනිචි ටැගෝ, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (කී‍්‍රඩක) අටවැනි ස්ථානයේ සිටි ප‍්‍රබල ක‍්‍රීඩකයෙකි. ඒ අනුව ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් තරගයක් ජයගත් පළමු ක‍්‍රීඩකයා ලෙස නිලූක, ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයට එක්වේ. නිලූක, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ පසු වන්නේ 48 වැනි ස්ථානයේය.