ශත සංවත්සර ප‍්‍රංශ සවාරියේ දෙවැනි අදියර ජය ගැනිමට බෙල්ජියානු ජාතික යාන් බැකලන්ට්ස් සමත් විය. 27 හැවිරිදි ඔහු රේඩියෝශැක් ලෙපර්ඞ් කණ්ඩායම නියෝජනය කරයි.
මෙතෙක් පැවැති අදියර දෙකේදීම කාලය මැනීම අනුව තත්ත්පරයකින් ඉදිරියට පැමිණි බැකලන්ට්ස්, ස්ලෝවැකියානු ජාතික පීටර් සාගන් දෙවැනි තැනටත්, පෝලන්ත ජාතික මයිකල් කිවත්කොස්කි තුන්වැනි ස්ථානයටත් ඇද දමමින් සමස්ත තරගයේ ඉදිරියෙන් සිටින කී‍්‍රඩකයාට හිමි කහ බැනියමද ඇගලා ගැනීමට සමත් විය. සමස්ත තරගය සඳහා බැකලන්ට්ස්ගේ කාලය පැය 8 කුත් විනාඩි 40 තත්පර 3 කි.
කොසිකා දූපතේ බැස්ටියා නුවරින් ඊයේ (30) ආරම්භවූ ප‍්‍රංශ සවාරියේ දෙවන අදියර කිලෝමීටර 156ක දුරකින් යුක්ත වූ අතර එය ඇජැකියෝ නගරයෙන් අවසන් විය.
”තරගය අවසන් වීමට මීටර 500ක් පමණ තියෙද්දී අනෙක් පිරිසත් මාත් අතර සෑහෙන දුරක් තිබුණා. මෙය මගේ ජීවිතේ ලස්සනම දවසක් වේ යැයි මං මටම කියා ගත්තා. සමහරවිට මෙය මම කහ බැනියම අදින පළමු සහ අවසන් අවස්ථාව වෙයි” යයි බැකලන්ට් තරගයෙන් අනතුරුව මාධ්‍යයට පැවසීය.
පළමු අදියර ජයගත් මාෂල් කිට්ල් විනාඩි 17 තත්පර 30ක් පසුව පැමිණි නමුත් තවමත් හොදම කෙටිදුර පැදයන්නා ලෙස හරිත බැනියම සතුකර ගෙන සිටී.
තරගයේ තෙවන අදියර ඇජැකියෝ නගරයේ සිට කිලෝමීටර 145ක දුරකින් පිහිටි කල්වි දක්වා අද (01) පැවැත්වීමට නියමිතය.
සමස්ත තරගයේ ඉදිරියෙන් සිටින කී‍්‍රඩකයෝ
01. යාන් බැකලන්ට්ස් (බෙල්ජියම)
02. ඬේවිඞ් මිලර් (මහා බි‍්‍රතාන්‍යය)
03. ජූලියන් සයිමන් (ප‍්‍රංශය)
04. ඩැරිල් ඉම්පේ (දකුණු අපි‍්‍රකාව)
05. එඞ්වඞ් බෝසන් හාගන් (නෝර්වේ)
06. සයිමන් ජෙරන්ස් ( ඕස්ටේ‍්‍රලියාව)
07. මයිකල් කිවත්කොස්කි (පෝලන්තය)
08. සර්ගෙයි ලග-ුටින් (උස්බෙකිස්තානය)
09. කි‍්‍රස්ටොපේන් රිබ්ලන් (ප‍්‍රංශය)
10. කැඩෙල් එවන්ස් ( ඕස්ටේ‍්‍රලියාව)