බැංකුවෙන් ‘පශ්චාත් සේප්පුවට’
කටුනායකදී අද අලූයම අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් දෙදෙනකු පස්සා පැත්තේ සඟවාගෙන සිටි රන් බිස්කට් 30 ක් එළියට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා රාජ්‍ය බුද්ධි තොරතුරු සේවය සමත් විය.
යාපනයේ හා අලූත්කඬේ මේ ව්‍යාපාරිකයන් ඉන්දියාවේ මුම්බායි නුවරට යෑම සඳහා එසේ සඟවාගෙන ආ රන් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි අසූ ලක්‍ෂයකි. බැංකුවකින් එම රන් බිස්කට් මිලට ගෙන ඇති බවත් මේ දෙදෙනා නිතර නිතර එතෙර යන්නවුන් බව රේගුව කියයි.
රේගු අධිකාරි වත්සලා නානායක්කාර නියෝජ්‍ය අධිකාරින් වන කේ. එල්.සී. කුමාර, එච්.එම්.කේ. පී. හේරත්, ඒ.ඒ.ටී.පී. ඩයස්, එච්.එම්.පී. එන් එන් හේරත්, ඒ.ඒ.ඞී.සී. ශාන්තපි‍්‍රය, එස්.එම්. සකරියා මහත්වරුන්ගේ සහායෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා පරීක්‍ෂණ මෙහෙයවයි.

