බැංකුවෙන් ලක්ෂ 10ක් කොල්ල කාලා?


පිළියන්දල බෝකුන්දර කොමර්ෂල් බැංකු ශාඛාව කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.

අංක තහඩු නැති යතුරුපැදියකින් ෆුල්ෆේස් හෙල්මට් දමා ආ බව කියන කොල්ලකරුවන් අහසට වෙඩි තබා රුපියල් ලක්ෂ 10 ක් පමණ බැංකුවෙන් කොල්ලකා පලා යන්නට ඇතැයි පොලිසිය කියයි.

ටී 56 ගිනි අවි රැගෙන පැමිණි මොවුන් බැංකුවේ ඉදිරිපස වීදුරුවට වෙඩි තබා ඇතැයිද  එක් ආරක්ෂකයකුට පහර දී ඇතැයිද කියති.

DSCN6599 DSCN6596

web