බැංකුව කඩන්න අවුත් වෙඩි කා නසී


අද අලුයම 2.30ට පමණ බත්තරමුල්ල පැලවත්තේ සෙත්සිරිපාය ඉදිරිපිට බැංකුවක් කැඩීමට ආ සොරුන් කල්ලියක සාමාජිකයකු පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මේ පිරිස බැංකුව කඩන බවට ලැබුණු ඔත්තුවකට අනුව පොලීසිය වහා එහි ගියේය. මැරුම්කෑ පුද්ගලයා හමුදාවේ හිටපු සාමාජිකයකු විය හැකි බවටද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි. සොරුන් බැංකුවේ මුදල් ගෙන ගියාද නැද්ද යන්න ගැන තවම තොරතුරු ලැබී නැත. අනෙක් සැකකරුවන් අල්ලා ගැනීමේ මෙහෙයුම් අරඹා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. ඡායාරූප : එම්.එස්.පෙරේරා