බැංකුත් කඩා වසර පහක් හැංගිලා


රාජ්‍ය බැංකු දෙකක්ද කොළඹ කොටහේනේ නාවලපිටිය, කඩදොර හා පුණ්ඩලූඔය හෝටල් පහක් බිඳ රුපියල් තිස් ලක්‍ෂයකට අධික රන් භාණ්ඩ සොරකම් කර පස් වසරක් සැඟවී සිටි බව කියන දෙමටගොඩ එම්. රෝජ් නාවලපිටිය මහේස්ත‍්‍රාත් දීප්ති කොඩිතුවක්කු මහත්මිය විසින් රිමාන්ඞ් කරනු ලැබීය. ගෙවල් බිඳුම් දෙකකදී සොයාගත් ඇඟිලි සලකුණු වලින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තලදීය.