බැංකු කැමරාව හිමිනම අල්ලා දෙයි
ගුරුවරයකුගේ ටෙලර් බැංකු කාඞ්පත සොරකම් කැර අවස්ථා හතරකදී රුපියල් අනු දහසක් ගත් බව කියන විජිනත් කුඹුරේ විමල නම් හිමිනමක ලබන 29 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස බළන්ගොඩ මහේස්ත‍්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය නියෝග කළාය. බැංකුවේ ආරක්‍ෂක කැමරා පද්ධතියේ දත්ත ද සැකකරු අත්අඩංගුවට ගැනීමේදි සැලකිල්ලට ගත් බවද පොලිසිය කීය.

