බැංකු ඇපෑල විසිවේ


ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට ජාතික සංවර්ධන බැංකුවේ ඇගේ ගිනුම්වලට අදාළ ලේඛන දිය නොහැකි යැයි එම බැංකුව විසින් ඉදිරිපත් කැරුණු ඇපෑල මහාධිකරණ විනිසුරු එම් සී බී එස් මොරායස් මහතා විත්තිය නොවිමසාම ඉවත දැමීය.

බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායිකාවට නොදෙන එම ලියැවිලි බැංකුවෙන් නඩුවට ඉදිරිපත් කර ඇති බවයි.

තම වත්කම් හෙළි නොකළැයි ඇයට එරෙහිව අල්ලස් කොමිසමෙන් මේ නඩුව පවරා ඇත. වැඩිදුර විභාගය අගෝස්තු 25 වැනි දා ට කල් තැබිණි.