බාහුත් පොලිසියට ගෙන්වයි


ව්‍යාජ තොරතුරු සහිත නාම යෝජනා පත්‍රයකට අත්සන් තැබූ බව කියන නව සම සමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න  අඟහරුවාදා (11) ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

අපේක්ෂකයන්ගේ දිවුරුම් ප්‍රකාශ සහතික කළ නීතීඥවරියක සහ සාමවිනිසුරුවරයකු ද   පොලිසියට ගෙන්වීමට යයි.