බාල ඩීසල් ටෙන්ඩරය අත්හිටැවෙයි


බාල ඩීසල් ශ්‍රී ලංකාවට සැපැයූ සිංගප්පූරුවේ විටෝල් සමාගමේ ටෙන්ඩරය අත්හිටැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය අද තීරණය කෙළේය. බාල ඩීසල් පාවිච්චි කිරීම නිසා දළ වශයෙන් ලංගමට රුපියල් ලක්ෂ 750ක ද, දුම්රියට ලක්ෂ 30ක ද පාඩුවක් සිදුව ඇතැයි දැන ගන්නට ඇත. මීට අමතරව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයට වූ අලාභය වෙනුවෙන් වන්දියක් ඉල්ලන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය. මෙම සමාගම අසාදු ලේඛණ ගත කර තිබිණි. ඛනිජ තෙල් ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවැසුයේ කලින් හිටපු සභාපති එම සමාගම හොඳ සමාගමක්සේ ලියාපදිංචි කර ඇති බවයි.