බාබරුත් රිමාන්ඩ්


අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිට කළැයි සැකපිට තවත් තිදෙනෙක් කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද රිමාන්ක් කරනු ලැබූහ.

ගම්පහ නයිවල සැලුන් හඳුන් අයිතිකරු නිරෝෂන් සංජීව, නයිවල ටියුෂන් පන්තියක් පවත්වාගෙන යන සිරිමෙවන් ජයසේකර, විභාග දෙපාර්තමේන්තුවේ ලිතෝ යන්ත්‍ර ක්‍රියාකරු මංගල ප්‍රියෂාන්ත ඔවුහුය.

ටියුෂන් ගුරුවරයකු වන චන්දන සම්පත් අත්තටගේ හා ඔහුගේ සහායක ලක්ෂාන් ජයසිංහ මීට කළින් රිමාන්ඩ් කරනු ලැබූහ.

සැකකරුවන් සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.