බ්‍රෙට් ලී ක‍්‍රිකට් පිටියෙන් සමුගනී
ඕස්ටේ‍්‍රලියානු පිලේ සිටි ප‍්‍රවීණ වේග පන්දු යවන්නකු වන බ්‍රෙට් ලී අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව අද (13) නිල වශයෙන් නිවේදනය කළේය. 35 හැවිරිදි බ්‍රෙට් ලී මීට වසර කීපයකට පෙර ටෙස්ට් පිටියෙන් සමුගත් අතර පසුගිය කාලය පුරාම අබාධයන්ට ලක්ව සිටියේය.
බ්‍රෙට් ලී සිය අවසන් අන්තර්ජාතික තරගාවලිය ලෙස සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමේ බලාපොරොත්තුවෙන් පසු වෙයි.
අයි. පී. එල්. සහ ‘බිග් බෑෂ්’ විස්සයි-20 තරගාවලිවලට අඛණ්ඩව සහභාගි වන බව ද බ්‍රෙට් ලී පවසා තිබේ.
ලෝක ක‍්‍රිකට් පිටියේ වේගවත්ම පන්දු යවන්නකුව සිටි දකුණතින් වේග පන්දු යවන බ්‍රෙට් ලී එක්දින තරග 221 කදී කඩුලූ 380 ක් දවාගෙන තිබේ.

