ශ්‍රී ලංකාවේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ වෛද්‍ය උපාධිය බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව පිළිනොගන්නා බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ප්‍රකාශිකාවක වන නතාලියා කනන්ස් පැවසීයැයි බීබීසීය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ එම ස්ථාවරයට හේතුව සයිටම් වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින් පිළිනොගැනීම බව ද ඇය සඳහන් කර තිබේ.
සයිටම් වෛද්‍ය ආයතනය සම්බන්ධයෙන් සලකා බැලීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එය පිළිගත යුතුව ඇතැයි ද බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

