බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයෙන් හොඳ වැඩක්


ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් උන් හිටි තැන අහිමිවුණ පවුල් සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීමේ ව්‍යාපෘතියක් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 1,000 ක ( රුපියල් 2,13000 )   මුදලක් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයෙන් පරිත්‍යාග කර ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව කරුණු පැහැදිලිකරදීම සඳහා ලන්ඩන් නුවරදී පැවැත්වුණ සුහද හමුවකට සහභාගීවූ දෑ හිතකාමී සිංහලයෝ පිරිසක්  මෙම මුදල් පිරිනැමූහ.

ශ්‍රී ලංකාවේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුලිකත්වයදෙමින් වැඩකටයුතු කරනු  ව්‍යෛද්‍ය එම්.බී. රණතුංග වෙත මෙම මුදල පරිත්‍යාග කරන ලද්දේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ ජනක අලහප්පෙරුම සහ වසන්ත කරුණාතිලක විසිනි.

මෙම  පරිත්‍යාග  සඳහා සම්මාදම්වුන සියලුම දෙනාට ස්තුතිවන්තවන බව පැවසු ජනක අලහප්පෙරුම ඉදිරියේදීත් මෙවැනිවැඩකටයුතු කිහිපයක්ම සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බවද පවසයි.

මේ පිලිබඳ විස්තර [email protected] යන විද්‍යුත් තැපෑලෙන් ලබාගත හැකිවන බවද ඔහු කියයි.