බ්‍රිතාන්‍ය මහා කමිසුරු කැඳවයි
යාපනය ඇතුළු වන්නි ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව සඳහන් කරමින් මෙරට බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ජෝන් රැන්කින් විසින් කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අප්‍රසාදය පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඔහු අද විදේශ අමාත්‍යංශයට කැඳවා විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකාවේ අප්‍රසාදය පළ කෙළේය. යාපනය, වන්නි, ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයා යු ටියුබ් සමාජ අන්තර්ජාල සේවාව ඔස්සේ විඩීයෝ පටයක් මුදා හරිමින් ප්‍රකාශ කෙළේ ඉකුත් බදාදාය.

