බ්‍රිගේඩියර්වරු 5 ක් - ලුතිනන් කර්නල්වරු 25 කට උසස්වීම්



 
ඉන්දිකා රාමනායක
 
යුද හමුදා බි‍්‍රගේඩියර්වරුන් පස් දෙනෙකු  ලූතිනන් කර්නල්වරුන් 25 දෙනකුට  උසස්වීම් ලබා දී ඇති බව  හමුදාව කියයි.


ඒ  අනුව බි‍්‍රගේඩියර්වරුන් පස් දෙනා මේජර් ජෙනරාල්වරු වශයෙන් දල ලූතිනන් කර්නල්වරුන් 25 දෙනකු කර්නල් නිළයට ද උසස් කර ඇති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක  බි‍්‍රගේඩියර්  සුමිත් අතපත්තු මහතා පැවසීය.


මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු  පස් දෙනා අතර කි‍්‍රයාන්විතයන් හි ආබාධිත තත්ත්වයට පත්වු නිලධාරින් සිව් දෙනකු සිටින බවත් ඔවුන් අතර රාජිත අම්පෙමොහොට්ටි,  අයි පී ගමගේ,  එම් ආර් වික‍්‍රමසිංහ, ඩබ්ලිව් එම් එම් මනතුංග,  යන අය සිටින බවත්  සෙසු  උස්සවීම්  ලද නිලධාරියා මේජර් ජෙනරාල්වරයා   ප‍්‍රභාත් දෙමටපිටිය  මහතා බවද  හමුදා ප‍්‍රකාශකවරයා කියා සිටියේය.